පොත් කියවීමේ වටිනාකම

පරිගණක යුගයේ ආගමනයත් සමඟ අප දැනට ආස්වාදනය ලබන ජීවන තත්ත්වය කැපී පෙනෙන ලෙස වෙනස්වී ඇත. අන්තර්ජාලය මඟින් අපට ලැබුන  ගෝලීයකරණය, හරහා ලොව අතැඹුලක් සේ ඉතාමත් කුඩා ස්ථානයක් බවට පත්වී ඇත. නවීන තාක්ෂණය නිරතුරුව යාවත්කාලීන වීමත් සමඟ අප දැනට ගෙවන ජීවන තත්ත්වය දියුණුකරවීමට, මින් පෙර කළ නොහැකිව තිබූ දේවල් එක් ඇඟිලි තුඩක ස්පර්ශයකින්, සැබෑවක් බවට පත් කරගත හැකියාව අද අපට ලැබී ඇත.

සෑම විටම සත්‍යයක් නොවූවත්, ලොව පුරා විවිධ රටවල විවිධ මිනිසුන් එක් භාෂාවක් කතාකිරීම, අන්තර්ජාලය හරහා එක් පුවතක් ක්ෂණයකින් ලොව පුරා පැතිරවීමට ඇති  හැකියාව, ආහාර, බීම වර්ග සහ විලාසිතා සඳහා  සියල්ලන්ටම එක හා සමාන රුචිකත්වයක් ඇතිකරවීම ගෝලීයකරණය මඟින් ඉටුවී ඇත. සැබවින්ම,අපට  නොදැනීම අපගේ අගනා සිරිත් සහ පුරුදු අපෙන් ගිලිහීමට එය හේතු වී ඇත.

එක් පරම්පරාවකින් තවත් පරම්පරාවකට පුරුදු පුහුණු දායාද කරයි. පරිගණක සඳහා ඉඩදෙමින් ටයිප්රයිටර ඉවත දමා ඇත. විවිධ යටිතල පහසුකම් සපුරාගැනීමට ගස් කැපීමට සිදුවී ඇත. මෙලෙස වෙනසකෙම් සිදුකෙරෙමින් තිබියදීත්, නවීන තාක්ෂණයට පොත් කියවීම නම් අභිබවා යා නොහැකි වන බව විශ්වාසයි. මන්ද, කිසිදු නවීන තාක්ෂණයකින් ජයගත නොහැකි වන පරිදි පොත් කියවීම අපගේ අධ්‍යාපන පද්ධතියේ අඛණ්ඩව සිදුවන අංගයක් බවට පත්වී ඇත. සමහර විට, නව පරපුර වඩ වඩාත් පොත් කියවීම සඳහා  සවිබලගැන්විය යුතු හොඳම කාලය මෙය විය හැකිය.

කියවීමේ අරුමය කුමක්ද? ජීවිතය මදක් පසුගාමීව පවතින සමහර යුරෝපීය රටවල පවා සාමූහිකව කණ්ඩායම් වශයෙන් පොත් කියවීම තවමත් ඉතාම ජනප්‍රිය අංගයක්ව පවතියි. බොහෝ වේලාවට, කාන්තාවන්, එකතු වී රෝගීව සිටින තම නෑදෑ හිතමිතුරන් වෙනුවෙන් නවකථා කියවීමට පුරුදුවී ඇත. එයින් වඩාත් හොඳින් මිතුදම රැකෙනවා පමණක් නොව, එකිනෙකාගේ අදහස් හුවමාරු කරගැනීමටත් මනස වර්ධනය කරගැනීමටත් එමඟින් අවස්ථාව සැලසේ. කණ්ඩායම් වශයෙන් පොත් කියවීමෙන් තවදුරටත්, අපට තව කෙනෙකුගේ මතයකට ගරු කිරීමට සහ අපගේ හිතමිතුරන්ගේ වටිනා ප්‍රතිපත්ති හොඳින් හඳුනාගැනීමට හැකියාව ලැබෙනු ඇත. රාත්‍රියේදී නින්දට යාමට පෙර පවුලේ සාමාජිකයින් එක්ව පොත් කියවීමෙන් දෙමව්පියන් සහ දරුවන් අතරත් සහෝදර සහෝදරියන් අතරත් ඇති බැඳීම ශක්තිමත්වේ. එයින් පවුලේ සාමාජිකයන්ට එකට එකතුවීමට සහ එකිනෙකා සිදුකළ, සිදුකරමින් සිටින විවිධ ක්‍රියාකාරකම් පිළිබඳව සාකච්ඡා කිරීමටත් ඉඩ ලැබේ. ඔබ කාර් රථයක හෝ බස් රථයක වාහන තදබදයට හසුවී සිටින අවස්ථාවකදී සිත්ගන්නාසුළු පොතක් කියවමින් සිටීමට ඉඩ තිබුනා නම්, ඔබට එයට වඩා සංසුන්ව සිටීමට වෙනත් ක්‍රමයක් තිබේද? එයින් ඔබට නොදැනීම සට පට ගා කාලය පැය ගණනින් ගෙවී යනවා නිසැකය. අධික වැඩ සහිත කරදරකාරී දිනයකට පසුව වුවද, ජල තටාකය අසල සරල වාදනයක් සමඟ ඔබගේ ප්‍රියතම රචකයාගේ පොතක් කියවමින් සුළු ආහාරයක් ගැනීම කෙතරම් වින්දනීයද.

සැබවින්ම, අනාගතයේදී පරිගණක වෙනුවට කෙතරම් නවීන උපකරණ හඳුන්වාදුන්නත් ඒ කිසිවකින්වත් පොත් කියවීම නම් වෙනස්කළ නොහැක. මන්ද, පොත් කියවීම මනුෂ්‍ය වර්ගයාට හුස්මගැනීම, ආහාරගැනීම, සහ නින්ද හා සමානවම ඉතාමත් සමීප අංගයකි. අපට දිනක හොඳ පොත් ලියන හොඳ රචකයන් අහිමි වුවත්, පොත් කියවීමට පාඨකයන් නම් සැමදා ඉතිරිව සිටීවී.